Saturday, May 30, 2026

Mobitel S10 Router එක Dialog P11 Outdoor Unit එකක් කරමු | Full Guide

ඔබේ නිවසට Dialog සිග්නල් අඩුද? මෙම වීඩියෝවෙන් මම පෙන්වා දෙන්නේ ZLT S10 Indoor Router එකක් ZLT P11 Outdoor Unit එකක් ලෙස පරිවර්තනය කර, නිවසින් පිටත සවිකර වැඩි සිග්නල් ප්‍රමාණයක් ලබාගන්නා ආකාරයයි.

ගොඩක් වෙලාවට ගේ ඇතුළට සිග්නල් මදි වෙනකොට අපිට පුළුවන් රවුටරය හෝ එහි ඇන්ටනා පද්ධතිය පිටතට සම්බන්ධ කරලා වේගවත් අන්තර්ජාල පහසුකමක් ලබාගන්න. මෙහිදී අවශ්‍ය වන හාඩ්වෙයාර් වෙනස්කම් සහ සවිකරන ආකාරය පියවරෙන් පියවර ඔබට දැකගත හැකියි.

වීඩියෝවේ අන්තර්ගතය:

ZLT S10 රවුටරය සහ P11 අවුට්ඩෝර් යුනිට් එකේ වෙනස්කම්.
අවුට්ඩෝර් කේසිං (Casing) එකකට රවුටරය සම්බන්ධ කරන ක්‍රමය.
PoE (Power over Ethernet) හරහා පවර් ලබාදීම.
වැඩි දියුණු කළ සිග්නල් වේගය පරීක්ෂා කිරීම (Speed Test).

තාක්ෂණික ලෝකයේ අලුත් දේවල් ඉගෙන ගන්න අපේ චැනලය Subscribe කරන්න, වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාන්න!

No comments:

Post a Comment